අගරදගුරු ගැන බොරු කී බිමල් අත්අඩංගුවට.. - රහස් පොලිසිය ක්‍රියාත්මක වෙයි
නව ජනතා පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ, නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා සහ මධ්‍යම කාරක සභික මූල්‍ය ලේකම් දිනුෂ්ක ගුණසේකර මහතා, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කළ බරපතල ප්‍රකාශය හෙළා දකිමින්, ඔහු වහාම අත්අඩංගුවට ගෙන සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස ඉල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා වෙත පැමිණිල්ලක් බාර දී ඇත.
පසුගිය ජූලි 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයේදී, සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, මහජන ආරක්ෂක ලේකම් රවි සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර යන දෙදෙනා එම තනතුරුවලට පත් කරන ලද්දේ කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පූජකවරුන්ගේ සහ කතෝලික ප්‍රජාවේ ඉල්ලීම් මත බවයි.
මේ සම්බන්ධයෙන් ජූලි 20 වන දින නිල නිවේදනයක් නිකුත් කරමින්, කාදිනල් හිමිපාණන් වෙනුවෙන් සිරිල් ගාමිණි පියතුමන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේ, එවැනි ඉල්ලීමක් ලිඛිතව හෝ වාචිකව කිසිදු ආකාරයකින් සිදු කර නොමැති බවයි. එසේම, හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන්ද කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව ඔහු සඳහන් කළේය.
සිරිල් ගාමිණි පියතුමන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, සභානායක බිමල් රත්නායක මහතා රටේ ජනතාව නොමග යවමින් අසත්‍ය තොරතුරු රටට ප්‍රකාශ කළ බවයි. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ හේතුවෙන් රටේ ආගමික සමගියට බලපෑමක් ඇති වී ඇති අතර, කතෝලික ප්‍රජාව පිළිබඳව අප්‍රසාදයක් මෙන්ම අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ කීර්තිනාමයටද හානි සිදු වී ඇත.
බිමල් රත්නායක මහතාට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඒවා අතර කන්ටේනර්වලින් ගෙන ආ ආයුධ නිදහස් කිරීම සහ වවුනියාවේ ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීම පිළිබඳ චෝදනා ද ඇතුළත් ය. එම චෝදනා 2025 ජනවාරි මාසයේ සිට එල්ල වී ඇති නමුත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදුවී නොමැත.
පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ, ප්‍රභා කරන්ගේ ආයුධ තිබූ කන්ටේනර් නිදහස් කිරීම, වවුනියාවේ ගුවන් හමුදා කඳවුරේ ඉඩම් ඩයස්පෝරාවට බෙදා දීමට උත්සාහ කිරීම සහ ආගම් අතර අසමගිය ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බිමල් රත්නායක මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. එසේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට පමණක් ක්‍රියා කරන්නේ නම්, ජනතාවගේ ශක්තිය එම ආයතනවලට පෙන්වීමට නව ජනතා පෙරමුණ සූදානම් බවද ඔහු අවධාරණය කළේය.
අවසාන වශයෙන්, බිමල් රත්නායක මහතා විසින් සිදු කරන ලද මෙම බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ඉල්ලා සිටිය යුතු බව පූජ්‍ය වැල්ලම්පිටියේ සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේය.
