පොසොන් සමරන්න අනුරාධපුරේ යන්න හිතන් ඉන්නවද?...එහෙනම් මේ ගැනත් අවධානෙන්
ජාතික පොසොන් කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ප්‍රකාශ කරන්නේ මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට ලක්ෂ 15 ත් 20 ත් අතර බැතිමතුන් පැමිණෙනු ඇති බවයි.
අනුරාධපුර සහ මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පොසොන් කාලය වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇති බව සඳහන්.
ඒ අනුව පොලිස් නිලධාරීන් 3,500 කට වැඩි ප්‍රමාණයක් ජනතාවගේ ආරක්ෂාව, රථවාහන හැසිරවීම ඇතුළු කටයුතුවලට යොදවා තිබෙනවා.
එසේම අනුරාධපුර නගරය ආශ්‍රිතව රථගාල් 16 ක් වන්දනාකරුවන්ගේ වාහන නවතා තැබීමට අනුරාධපුර නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇත.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පොසොන් සතිය තුළ අනුරාධපුර ආශ්‍රිතව විශේෂ ආපදා සැලැසුමක් සකස් කර ඇති බවයි.
එහි හදිසි මෙහෙයුම් මැදිරියේ “117“ හදිසි ඇමැතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව සඳහන්.
එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, නාච්චාදූව, බසවක්කුලම, නුවර වැව, තිසා වැව, මහකනදරාව යන වැව් ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් ද ස්ථානගත කර ඇති බවයි.
ඔහු විසින් අනාරක්ෂිත ස්ථානවලින් දියනෑමෙන් වළකින ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇත.
පරිසර අංශ මහජනතාවගෙන් අනුරාධපුර වන්දනාවේ පැමිණීමේදී ප්ලාස්ටික්, පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස ඉල්ලා සිටියි.
තවද දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කියා ඇත්තේ පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20 ක් අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36 ක් ක්‍රියාත්මක කරන බවයි. එය අද (9) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ජාතික පොසොන් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (10) දින මිහින්තලේ පුද බිමේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
