සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

Report

සමගි ජන බලවේගය විසින් සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වන බව දන්වා ලිපි යැවීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

ඒ බහුතරය නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීමට පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂයෙන් දෙන උපදෙස්වලට එරෙහිව ක්‍රියා කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණ පවත්වන බව දන්වමින්.

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

ඒ අනුව බහුතරය නොලැබී ඇති ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීමට තිබෙන ඡන්ද විමසීම විවෘත ඡන්දයක්ද නැත්නම් රහස් ඡන්දයක් ද යන්න ප්‍රථමයෙන් සෑම මන්ත්‍රීවරයෙක්ම තම අත ඔසවා ප්‍රකාශ කළ යුතු වේ.

ඒ අනුව මෙහිදී සමගි ජන බලවේගය මඟින් විවෘත ඡන්ද වීමසීමක් පැවැත්විමට තීන්දු කර ඇති බව සඳහන්.

එසේ වුවද රජය ඉල්ලා ඇත්තේ රහස් ඡන්දයකි. මෙමඟින් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය අපේක්ෂා කර තිබෙන බව පවසයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එම හේතුව නිසා සිය පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය නියම කර තිබෙනවා.

තවද සමගි ජන බලවේගයට තේරිපත් වූ සෑම මන්ත්‍රීවරයෙක්ටම මෙම ලිපි මඟින් පක්ෂය නම් කරන සභාපති හෝ පුරපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවටද උපදෙස් දී ඇත.

එමෙන්ම එහි සඳහන් වන්නේ එම නියෝග කඩ කරන සෑම මන්ත්‍රීවරයෙක්ටම විනය පරීක්ෂණ පවත්වන බවයි.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න