බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 585ක් බඳවා ගන්න යයි
Government Employee
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
Latest Headlines
Sinhala news
By Kaushi
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 585 දෙනකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟතාවයට විසදුමක් ලෙස එම පුරප්පාඩු පිරවීමට මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳව 2025 අගෝස්තු 29 රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඇත.
එබැවින් බන්ධනාගාර නියාමක පිරිමි තනතුරු 409 ක්, නියාමක කාන්තා තනතුරු 70 ක්, බන්ධනාගාර II පෙළ ජේලර් තනතුරු 55 ක්, II පෙළ ජේලර් කාන්තා තනතුරු 07 ක්, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන පිරිමි නිලධාරී තනතුරු 10ක්, II පෙළ පුනරුත්ථාපන කාන්තා නිලධාරී තනතුරු 03ක් සඳහා මෙසේ අලුතින් බඳවා ගැනීමට නියමිතව ඇත.