අනුෂ පැල්පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අනූෂ පැල්පිට මහතා රුපියල් කෝටි 4ක් සහ ලක්ෂ 100ක් මුදල උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටි අතර, අද (23) ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණ මූලික ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බව කොමිසම සඳහන් කර ඇත.