අමාත්‍ය චාමර සම්පත්ට අධි චෝදනා - හේතුව මෙන්න
හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා අල්ලස් කොමිසම විසින් අද (23) ඉදිරිපත් කර ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවා ඇති අතර, අල්ලස් කොමිසම අධිකරණයට තහවුරු කළේ, චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලිඛිතව ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩු කටයුත්ත අවසන් කරන මොහොතේ, සැකකරු චාමර සම්පත් දසනායකට අධිකරණයේදී පෙනී සිටිය යුතු බව නියෝග කරන ලදී.