ජනපති අනුර මෝල් හිමියන් රැක ගනී. - පාලන මිල සහ සහල් හිඟය ගැන ජනපති කට අරියි.

Report

මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකු වී තොග සඟවාගෙන සිටින්නේ යැයි පැවසුනත් එය බොරුවක් බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.

ඔහු මේ බව අනාවරණය කළේ, ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින්.

එහිදී ඔහු අවධාරණය කළේ,රට තුළ වාර්ෂික සහල් අවශ්‍යතාවය සහ වී නිෂ්පාදනය සම්බන්ධයෙන් රජයේ දත්තවල බරපතල විකෘතිතාවයක් ඇති බවත්, ඒ හේතුවෙන් මෙවර සහල් ආනයනයේදී ගැටළුවකට මුහුණ දුන් බවත්ය.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

එමෙන්ම සහල් මෝල් හිමියන් තමන් රැස් කරන තොග එක් කන්නයක සිට අනෙක් කන්නය දක්වා ක්‍රමානුකූලව අඹරා වෙළඳපොළට නිකුත් කරමින් සිටින බවත්, ඔවුන්ගේ මෝල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාව එවන් සහල් හෝ වී තොග සඟවාගෙන නැති බව හෙළිදරවූ බවත් ජනපති මෙහිදී කියා සිටියා.

මෙම කන්නයේ සිට සහල් සඳහා වන උපරිම මිල එම මට්ටමේම පවත්වාගෙන යන බවත්, වී සඳහා වන සහතික මිලක් ඉදිරියේදී නම් කරන බවත්, කිසිසේත්ම එම පාලන මිලෙන් ඉහළ සහල් අලෙවි කිරීමට අවස්ථාව නොදෙන බවත් සඳහන් කළා.

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්. - මාලිමා රජයෙන් ජනතාවට සහන රැසක්. - (VIDEO)

අස්වැසුම නොලැබුණු අයට සුබ ආරංචියක්. - මාලිමා රජයෙන් ජනතාවට සහන රැසක්. - (VIDEO)

 


You may like this video