විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතුයි ඒ ස්ථාවරය වෙනස් කර නැහැ - අනුර

Report

විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතු යැයි යන ස්ථාවරය වෙනස් කර නැති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරායා ඒ බව සඳහන් කළේ අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

මුස්ලිම් ජාතික හෙදියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කරන්න රජය තීරණය කර නෑ - සෞඛ්‍ය ඇමති කියයි

මුස්ලිම් ජාතික හෙදියන් වෙනුවෙන් නිල ඇඳුම වෙනස් කරන්න රජය තීරණය කර නෑ - සෞඛ්‍ය ඇමති කියයි

"2025 අවුරුද්දේදී අප විදුලි බල පද්ධතියට මෙගාවොට් 702ක් එකතු කර තියෙනවා. අප මුලින්ම කළේ ආර්ථික ස්ථායී කරණයයි. එතැනින් පසුව ප්‍රමුඛතම කාරණය වන්නේ සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමයි. ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය හැටියට ගෘහස්ත විදුලි පාරිභෝගිකයා මෙන්ම ඉන්ධන පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහ කාරයක්ෂමව සේවා ලබා දෙනවා වගේම කර්මාන්ත සහ සීමා සඳහා අවශ්‍ය වන බල ශක්තිය සැපයීමට කටයුතු කළ යුතුව තිබෙනවා. බලශක්ති පිරිවැය කර්මාන්ත හා සේවාවල ප්‍රධාන ගැටලුවක් වී තියෙනවා. අප රජයේ භාර ගන්නා කාලය සමඟ බලද්දි දැන් විදුලි බිල සියයට 11 කින් අඩු වී තිබෙනවා. එය ප්‍රමාණවත් නැති බව අපි පිළිගන්නවා විදුලි බිල තුනෙන් එකකින්වත් අඩු විය යුතු යැයි අප එදා කිව්වා. ඒ ස්ථාවරය වෙනස් කර නැහැ. අපේ වැඩපිළිවෙල සකස් කරන්නේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි" යනුවෙන්.

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්

ආන්දෝලනයට තුඩු දුන් නාමල්ගේ නීති උපාධිය ගැන තොරතුරු ගේන්න ලන්ඩන් ගිය රහස් පොලිසියට ඇරයුම්

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි