පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ත්‍රස්ත විරෝධී පනත ඉවතට.
Parliament of Sri Lanka
Dinesh Gunawardena
Mahinda Yapa Abeywardena
Sajith Premadasa
Sri Lanka
By Hashini
කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසයි.
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට එම කෙටුම්පත ඇතුලත් කෙරුණේ පසුගිය 3 වනදායි.
කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ එම කෙටුම්පත ඉදිරිපත් නොකරන ලෙස සිදු කළ දැනුම් දීම අනුව එය ඉවත් කළ බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (18) පාර්ලිමෙන්තුවේදී පැවසුවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන කැඳවා ඇති සාකච්ඡාව සමඟි ජන බලවේගය වර්ජනය කරන බවයි.
ඊට ප්‍රතිචාර වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එම සාකච්ඡාව සඳහා සහභාගී වන්නැයි විපක්ෂයට යළිත් ආරාධනා කරන බවයි.
