ආයෙත් මිදුලට බැහැලා සත්තු ගණන් කරන්න වෙයි නැවතත් සමීක්ෂණයක්

Report

පසුගියදා වගාවන්ට හානි දායක සතුන් බොහෝ ප්‍රමාණයක් සිටින බැවින් මුළු ලංකාවම ආවරණය වන ආකාරයට සත්ව සංගණනයක් සිදු කරන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් රිළවා ඇතුළු වන සතුන් සම්බන්ධව කරන ලද සංගණනයේදී වැඩිම හානියක් සිදුවන දිස්ත්‍රික්කය ලෙස වාර්තා වූ මහනුවර ආශ්‍රිතව නැවත වරක් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇත.

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි

වන සතුන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීමට අදාළව ගන්නා පියවර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. වන සතුන්ගෙන් වැඩිම හානියක් වාර්තාවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බැවින්, එය නිශ්චිතවම අනාවරණය කර ගැනීමට විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීමට එහිදී තීරණය කර තිබේ.

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

නාමල් අද අධිකරණයට - අත්අඩංගුවටද යන්නේ?

මෙම විද්‍යාත්මක සමීක්ෂණය පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාල සිසුන් යොදාගෙන සිදු කිරීමට නියමිත අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු කීපදෙනකුගේ මූලිකත්වය යටතේ අදාළ සමීක්ෂණය සිදු කිරීමට නියමිතය.

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා

මේ තුළින් සිදුවන හානිදායක තත්ත්වයන් වලට විසඳුම් ලබාදෙමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම්.