වට්සැප් ගෲප් හදන් නටපු මගඩියක් එළියට රජයට ලක්ෂ ගාණක් පාඩුයි
පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා අලුයම පහයි විස්සට ගමන් ගන්නා කාර්යාල දුම්රියේ ප්‍රවේශපත් නොමැතිව ඉහළ පන්තිවල ගමන් ගත් හැට- එක් දෙනකු රාගම හා දෙමටගොඩ අතරදී තම භාරයට ගෙන දඩ මුදල් ලෙස රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් අය කර ගත් බව දුම්රිය ආරක්ෂක අංශය පැවසීය.
මෙම මෙහෙයුමේදී එක් අයකු පිරිසක් පොළඹවා ගනිමින් දෙම - ටගොඩ දුම්රිය ස්ථානයේදී ව්‍යාජ කලබලයක් ඇතිකොට හය දෙනකු සමඟ පලා ගොස් ඇති අතර දුම්රිය ආරක්ෂක අංශ තොරතුරු සටහන් කර ගැනීම සඳහා ලබාගෙන තිබූ හැඳුනුම්පත් ද දමා ඔවුන් පලායාම නිසා ඒ පිළිබඳ ආරක්ෂක අංශ මඟින් දෙමටගොඩ පොලීසියට පැමිණිල්ලක්ද සිදු කර ඇත.

දෙවියනේ යටිනුවර දිවි නසා ගැනීමේ හේතුව ලිපියකින් හෙළිවේ.ලිපියේ ලියා තැබූ දේ මෙන්න.මන්ත්‍රීවරයා සියල්ලන්ගෙම බෙල්ල මිරිකලා
ප්‍රවේශපත් නොමැතිව දුම්රියේ ඉහළ පන්තිවල ගමන් ගන්නා සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් ලැබී තිබූ තොරතුරු අනුව ආරක්ෂක අංශ මඟින් නිලධාරීන් 29 දෙනකු යොදවා මෙම වැටලීම සිදු කර තිබුණි.
එහිදී භාරයට ගත් පිරිසෙන් විසි අට දෙනෙකු රාගම සේවා ස්ථානයේ දඩ ගෙවා තිබූ අතර ඉතිරි තිස්තුන්දෙනා කොටුව මෙහෙයුම් ඒකකයේදී දඩ ගෙවා තිබුණි.
සෑම දිනකම දුම්රියෙන් ගමන් ගන්නා මෙම පිරිස් වස්ඇප් ගෲප් හරහා සංවිධානය වී මෙම වංචාවන් සිදු කරන බවට ද අනාවරණය වී තිබී ඇත. ඒ අනුව, එක් අයෙකුගෙන් රුපියල් 3160 බැගින් රුපියල් 192760.00 ක දඩයක් අය කළ බව ආරක්ෂක අංශ පැවසීය.
