පොලිසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව නිවේදනයක්

Report

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පොලිස් නිලධරයන් විවිධ ස්ථාන වලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිවේදිත නිලධරයන් හා මූලස්ථාන පොලිස් පරික්ෂකවරුන් / ස්ථානාධිපතිවරුන් සඳහා සේවයේ අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් සිදු කරනු ලබයි.

ඒ අනුව,

අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක්

අවුලපු ගින්නට ආණ්ඩුවෙනුත් පිදුරු දාලාද? මහින්ද මල්වතු නාහිමිට මඩ ගහපු ඔක්කොටම විරුද්ධව පැමිණිල්ලක්

1. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු වසර 03 ක කාලයකින් පසු ස්ථාන මාරුවීමක් සඳහා සුදුසුකම් ලබයි.

2. පොලිස් නිලධාරියෙකුගේ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින අවස්ථාවකදී තවදුරටත් එම නිලධාරියා ස්ථානාධිපති ධූරයේ තබා ගැනීම සුදුසු නොවන බැවින් ස්ථාන මාරු සිදු කරනු ලබයි.

3. පොලිස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා හෝ විෂමාචාර ක්‍රියා පිළිබඳව වාර්ථා වීම් සහ ඊට අදාල විමර්ශන කටයුතු වලින් පසු ස්ථාන මාරුවීම් සඳහා ක්‍රියාත්මක වීම සිදු කරයි.

4. මානුෂීය හේතූන් මත කරන ලද ඉල්ලීම් සලකා බලමින් ස්ථාන මාරුවීම් ලබා දීම සිදු කරනු ලබයි.

5. සේවයේ අවශ්‍යතාවය මතද ස්ථාන මාරුවීම් ලබා දීම සිදු කරනු ලබයි.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙලෙස සමස්ථ දිවයින තුළ පොලිස් ස්ථාන 608 හි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු, ක්‍රියාකාරී කොට්ඨාස 59 ක ස්ථානාධිපතිවරුන් මෙන්ම සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික්ක 196 ක රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙතද විවිධ අවස්ථාවන් වලදී ඉහත නිර්නායක හා රාජකාරි අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදීම සිදුකරනු ලබන බවයි.