අපේක්ෂකයින් 18 දෙනෙකු ගැන පොලිස් මූලස්‌ථානයෙන් නිවේදනයක්...!

Election Commission of Sri Lanka Local government Election Latest Headlines Sinhala news
By Akash Apr 18, 2025 05:11 PM GMT
Akash

Akash

Report

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරදී මැතිවරණ නීති කඩ කළ අපේක්ෂකයින් 18 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබෙන බව පොලිස් මූලස්‌ථානය පවසයි.

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මැතිවරණ නීති කඩ කළ මෙම අපේක්ෂකයින් 18 දෙනා අත්අඩංගුවට ගෙන සිටින බවත් ඔවුන්ට නඩු පැවරීමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා අනාවරණය කළේය.

මාර්තු මස 03 වැනි දින සිට අද 17 උදෑසන දක්වා කාලය තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතරින් ඇතැම් අපේක්ෂකයින් මැතිවරණ නීති අමතක කරමින් කටයුතු කර ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

පිල්ලයාන්ගේ රියදුරුට CIDයෙන් කළ දේ මෙන්න

පිල්ලයාන්ගේ රියදුරුට CIDයෙන් කළ දේ මෙන්න

මොවුන්ට අමතරව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට අයත් ආධාර කරුවන් 62 ක් සහ වාහන 14 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ReeCha