ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දැවැන්ත විරෝධයක් - ජී.එල්. පීරිස්ගෙන් හදිසි නිවේදනයක්

Report

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ කිසිලෙසකින්වත් අනුමත නොකරන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සදහන් කර තිබේ මෙම කාරණව සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කිරීම සඳහා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ බුද්ධ ශාසනය තුළ තහවුරුවී ඇති සම්ප්‍රදායන් සහ විනය නීති අනුවය. ඒ් අනුව බන්ධනාගාර පාලකයින් ද සෑමවිටම බෞද්ධ ධර්මයට ආවේණික වූ සම්ප්‍රදායන්ට ගරු කළ යුතු බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර ඇත.

අදාළ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ,බෞද්ධ ධර්මයේ විනය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සතු අයිතිය සදා සුරැකිය යුතු බව සිය ප්‍රතිපත්තිය බවයි .

ඒ වගේම විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට බලය ඇත්තේ උන්වහන්සේ පැවිද්ද ලැබු නිකායට පමණකි .

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ න් පරිබාහිර කිසිදු පාර්ශ්වයකට හෝ පුද්ගලයෙකුට හෝ ස්වාමීන් වහන්සේගේ සිවුර ගලවා ඉවත් කළ නොහැකි බවයි.

ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම ඇන්ඳවීමට ගත් පියවර ආන්දෝලාත්මක ක්‍රියාමාර්ගයක් වන අතර මේ සම්බන්ධයෙන් දසතින්ම විරෝධනා මතු වෙන්නේ දුරදිග නොබලා හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබාදීමද ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් සිහිපත් කරනු ලබයි.

මෙම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනු ලබන්නේ, කුමන පාර්ශ්වයක් හෝ බුද්ධාගම සම්බන්ධයෙන් අන්තනෝමතික ලෙස ක්‍රියා කිරීම වහාම නතර කළ යුතු බවය. 

බන්ධනාගාරගත භික්ෂූන් පිටතට රැගෙන ඒමේදී සිවුරෙන් සැරසීමට නීතිමය ඉඩ ලබාදෙන්න - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්

බන්ධනාගාරගත භික්ෂූන් පිටතට රැගෙන ඒමේදී සිවුරෙන් සැරසීමට නීතිමය ඉඩ ලබාදෙන්න - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්

ආනෝජන් සිවරාසාගේ මරණ දඬුවම වහා අවලංගු කර නිදහස් කරන්න - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් බලපෑම්

ආනෝජන් සිවරාසාගේ මරණ දඬුවම වහා අවලංගු කර නිදහස් කරන්න - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් බලපෑම්

Gallery