ධනංජය ද සිල්වා නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි - වහාම ක්‍රියාත්මක වන හදිසි තීරණයක්

Report

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ටෙස්ට් නායකත්වයේ වගකීම ඊළඟ පරම්පරාව වෙත පැවරිය යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

ධනංජය ද සිල්වා පවසන්නේ නායකත්වයෙන් ඉල්ලා අස්වුවද ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට තමන් තවදුරටත් සූදානමින් සිටින බවයි.

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - ජනතාව සඳහා විශේෂ උපදෙසක්

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයෙන් සුභ ආරංචියක් - ජනතාව සඳහා විශේෂ උපදෙසක්

මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ලබා දුන් විශිෂ්ට නායකත්වය පිළිබඳව ධනංජය ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්තූතිය හිමිවන අතර, ඔහුගේ ඉදිරි ක්‍රිකට් ජීවිතයට සුබ පතනවා" යනුවෙනි.

සෞදි අරාබිය දෙදරයි - ගුවන් තොටුපොළ දෙකකට දරුණු ප්‍රහාර - පුද්ගලයින් 30ක් මියගොස් තවත් පිරිසක් රෝහලේ

සෞදි අරාබිය දෙදරයි - ගුවන් තොටුපොළ දෙකකට දරුණු ප්‍රහාර - පුද්ගලයින් 30ක් මියගොස් තවත් පිරිසක් රෝහලේ