අනන්‍යතාවය තහවුරු කර නොගත් මළසිරුරක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට ..

Report

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ .

ඒ සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

ඔබටත් දැන් පහසුවෙන්ම ඉන්දියාවේ සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාවක් ..

ඔබටත් දැන් පහසුවෙන්ම ඉන්දියාවේ සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාවක් ..

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ .

ඔහු අවසන් වරට අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින බව පොලීසිය සඳහන් කරන ලදී . සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මල්ලි එක්ක එකතු වෙලා අපූරු නාට්‍යක් රග පෑ බිරිද මාට්ටු..

මල්ලි එක්ක එකතු වෙලා අපූරු නාට්‍යක් රග පෑ බිරිද මාට්ටු..

මේ අතර අයගම, ඇරැපෝරුව ප්‍රදේශයේ හිසේ තුවාල සහිතව අයගම රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුද මියගොස් ඇති බව සඳහන් වේ .

මෙලෙස මියගොස් ඇත්තේ, ඇරැපෝරුව, උස්වත්ත, අයගම ලිපිනයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු නිවසේ තනිවම සිට ඇති අතර බිරිඳ ඇයගේ මවගේ නිවසට ගොස් සිටි ඇත.

මාරාන්තික රෝගයක් හේතුවෙන් බන්ධනාගාර කටයුතු සීමාවේ..නව රැදවියන් වෙනත් බන්ධනාගාර වලට මරු කරයි..

මාරාන්තික රෝගයක් හේතුවෙන් බන්ධනාගාර කටයුතු සීමාවේ..නව රැදවියන් වෙනත් බන්ධනාගාර වලට මරු කරයි..

පුතා පන්සලට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවට පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.