මල්ලි එක්ක එකතු වෙලා අපූරු නාට්‍යක් රග පෑ බිරිද මාට්ටු..

Sri Lanka Police Sri Lanka Death Murder
By Piyumika Jul 16, 2024 01:52 AM GMT
Piyumika

Piyumika

Report

මොරටුව ලක්ෂපතිය රතුකුරුස වත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (15) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රාශියක් අනාවරණය කොටගෙන ඇත .

එසේ ඝාතනයට ලක් වූයේ 41 හැවිරිදි හරේන්ද්‍ර කුමාර නොහොත් "පොඩි අයියා" නැමැති පුද්ගලයෙක්.

පොඩි අයියාව මරලා පිරිතුත් දාලා ගිහින්....

පොඩි අයියාව මරලා පිරිතුත් දාලා ගිහින්....

ඝාතනය ට ලක්වු පුද්ගලයාගේ බිරිද සහ ඇගේ සහෝදරයා මෙම ඝාතනය කර ඇති බව මේ වන විට හෙලි වි තිබේ . අනියම් ප්‍රේම සම්බන්ධතාවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුවූ පසුව බිරිඳ ගැට ගසා සිට ඇති අතර බිරිඳගේ කෑ ගැසීම ඇසුණු අසල්වාසීන් පැමිණ විමසා බැලීමේදී මෙම පුද්ගලයා ඝාතනය වී ඇති බව අනාවරණය වුවත් සැබෑවටම මෙම ඝාතනය බිරිඳ විසින් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ .

මේ දැනුම් දීම එතෙර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට..

මේ දැනුම් දීම එතෙර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට..

රාත්‍රි 12.30 ට පමණ බිරිද විසින් මෙම පුද්ගලයාගේ පපුවට සහ බෙල්ල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන තිබෙන අතර බිරිදගේ සහෝදරයා විසින් මුගුරකින් හිසට පහර දි තිබේ .පුද්ගලයා ඝාතනය කරන අවස්ථාවේ දි අවට පිරිස් වලට නොඇසෙන්නට පිරිත් දමා ඇති බවයි වාර්තා වනුයේ .

බිරිද විසින් සිය මල්ලිට පවසා ඇත්තේ " මම කොල් කරාම එන්න, මාව ගැට ගහන්න, මේ ඝාතනය වෙන කෙනෙක් කරා කියා හගවන්න යනුවෙනි".

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..

වෘෂභ, වෘශ්චික සහ මීන යන ලග්න වල අය අද දැඩි විමසිල්ලෙන් වැඩ කරන්න..මේෂ, කන්‍යා,මකර සහ කුම්භ ලග්න වලට මල් 07යි..

" මාමා ඇවිත් කෝට්ටකින් ගැහුවා, අම්මාත් ගැහුවා යනුවෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දැරිය පොලිසිය හමුවේ පවසා ඇත. සිද්ධිය වන අවස්ථාවේ කුඩා දැරිය ඇද යට සැගව තිබේ .

ReeCha