මෙවර පැරා මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවේ පළමු පදක්කම ඉන්දිකට...
By Parami Dissanayake
අද (20) දිනයේ ජපානයේ පැවැති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ඉන්දික ගමගේ සමත් වුණා .
එහි දී , T44 පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 11.83කින් නිම කළ ඉන්දික ගමගේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
එමෙන් ම, එහි රන් පදක්කම දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු සහ රිදී පදක්කම මැලේසියා ක්‍රීඩකයෙකු විසින් ද දිනා ගනු ලැබීය.
ශ්‍රී ලංකාව මෙවර ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දිනූ පළමු පදක්කම මෙය වේ.