නයිජීරියාවේ - බෙනින් ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉන්ධන ගබඩාවක් මෙලෙස පුපුරා ගිනිගෙන ඇති අතර, මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බවයි.
එම අවස්ථාවේදී මෝටර් රථ, යතුරුපැදි ඇතුලු රථවාහන රැසක් එම ස්ථානයේ ඉන්ධන ලබාගැනීමට පැමිණ තිබූ බව ද වාර්තා වේ.
ප්‍රධාන ඉන්ධන නිෂ්පාදකයෙකු වන නයිජීරියාවේ ඉන්ධන ජාවාරම සාමාන්‍ය තත්වයක් වන අතර, ඒ හේතුවෙන් සිදුවන අනතුරුද බහුල බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.