බන්ධනාගාරයේ හදිසි මෙහෙයුමක් ! ඔබත් පරිස්සම් වෙන්න

Colombo Dengue Prevalence in Sri Lanka Prison Sinhala news
By Hashan May 24, 2025 11:50 AM GMT
Hashan

Hashan

Report

කොළඹ බන්ධනාගාර පරිශ්‍ර තුළ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වී තිබෙනවා. අද ආරම්භ කළ එම වැඩසටහන හෙට දිනයේ ද ක්‍රියාත්මක බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියේ .

මිට අමතරව වැලිකඩ, කාන්තා, කොළඹ රිමාන්ඩ්, මැගසින් බන්ධනාගාර මෙන්ම වැලිකඩ රෝහල ආශ්‍රිතව එම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.   

මෙම ඩෙංගු මර්දන වැඩසටහන සදහා සිරකරුවන් 70 දෙනෙකු පමණ එක් කර ගෙන ඇති අතර බන්ධනාගාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මුලිකත්වයෙන් මෙය සිදු කෙරේ.   

මේක දැක්කොත් ආයෙ නම් උදේට එලාම් තියන් නැති වෙයි

මේක දැක්කොත් ආයෙ නම් උදේට එලාම් තියන් නැති වෙයි

බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටියේ වටරැක, පල්ලන්සේන එළිමහන් සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින තෝරාගත් සිරකරුවන් පිරිසක් මේ සඳහා එක් කර ගත් බවයි.

සමාජයේ ව්‍යාප්ත වන වෛරස් උණ රෝගයද මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් අතරද ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ . ඒ අනුව මේ වනවිට එම බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසකට වෛරස් උණ වැළඳී ඇත.

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 23ක් හඳුනාගැනේ

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 23ක් හඳුනාගැනේ

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනිත් පිරිස බන්ධනාගාර වාට්ටු තුළදී අවශ්‍ය ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

ReeCha