මේක දැක්කොත් ආයෙ නම් උදේට එලාම් තියන් නැති වෙයි
අපි හැමෝම උදේට එලාම් තියලා නැගිටින අයනේ. හැබැයි පළවෙනි එලාම් එකටම නැගිටිනවා කියන එක නම් ගොඩක් දෙනාට කරන්න අමාරු දෙයක්.
ඒ නිසා එලාම් එක වැදෙන කොටම අපි කරන්නේ ඒක snooze කරලා තවත් විනාඩි 10 ක් විතර නින්දට වැටෙන එක.
හැබැයි අපි ඒ නිදා ගන්න විනාඩි 10 නිසා අපේ මොළේ ලොකු හානියක් වෙනවා කියලා දන්නවද? සාමාන්‍යයෙන් alarm snooze කරලා අපි නැවත නින්දට වැටෙද්දි අපේ මොළේ ඒ පොඩි නින්ද ගන්නේ විනාඩි 90 ක් තියෙනවා කියලා හිතලලු.
ඒ කියන්නේ ඒ නින්ද අලුත් නින්දක ආරම්භයක් විදිහට තමයි මොළේ හිතන්නේ. ගොඩක් වෙලාවට අපේ නින්දෙ ප්‍රධාන චක්‍ර 4 ක් හරි 6ක් හරි දැක ගන්න ලැබෙනවා.
ඒ හැම චක්‍රයක්ම දළ වශයෙන් විනාඩි 90 ක් තිබෙනවා වගේම හැම චක්‍රයකම අදියර 4 කුත් දැකගන්න පුළුවන්.
පළමු අදියරේ දී ඔබ ලබන්නේ සැහැල්ලු නින්දක්.
එහි දී නින්දෙන් ඇහැරෙන එක ගැටලුවක් නැහැ.
දෙවන අදියරය කියන්නේ ගැඹුරු විවේකී නින්දේ ආරම්භය.
මෙහි දී මොළයේ තරංග මන්දගාමී වීම අරඹනවා.
තුන්වන අදියරේ දී ලබන්නේ ගැඹුරු නින්දක්.
මෙය ශරීර අලුත්වැඩියාවට සහ මතක ශක්තියට සම්බන්ධයි.
හතරවන අදියරේ කියන්නේ REM නින්ද. මෙහිදී සිහින දැකීම, මොළයේ ක්‍රියාශීලිත්වය, හැඟීම් සහ ඉගෙනීම සඳහාත් මේ නින්ද වැදගත් වෙනවා.
මේ අදියරයට පසුව නැවත අලුත් චක්‍රයක් ආරම්භ වෙනවා.
ඒ විදිහට අපි රෑ නිදා ගන්න ගිහාම චක්‍ර 4 ත් 6ත් අතරෙ ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා.
හැබැයි අපි එලාම් එකකට ඇහැරලා ආයෙ ඒක snooze කරලා නිදා ගත්තොත් මොළේ හිතනවා ඒක අලුත් චක්‍රයක ආරම්භයක් කියලා.
සාමාන්‍යයෙන් මනුස්සයෙක් විනාඩි 10 ක් වගේ කාලෙකදි අදියර 3 ගැඹුරු නින්දකට ප්‍රවේශ වෙනවා.
ඉතින් ඒ ඉද්දි ආයෙ එලාම් එකට විනාඩි 10 ට පස්සෙ ඇහැරෙන්නෙ නින්දෙ හොඳම කොටසකදී. මොකද ඒක පොඩි නින්දක් වගේ පෙනුනට මොළයට ඒක අලුත් නින්දක කොටසක්.
එතන ඉඳන් ඔයාට දැනෙන්න ගන්නවා ඔළුවට බර ගතියක්, කම්මැලිකමක්, ඇඟ පණ නැති බවක්, කාංසාව, පාළුව, දුක, කෝපය වගේ ඕනෙම නරක හැඟීමක්. මේක විද්‍යාඥයන් හඳුන්වන්නේ නින්දේ අක්‍රමන්‍යතාවය කියලා.
ඒකෙන් ඔයාගේ මොළේටත් ලොකු හානියක් වෙනවා.
ඉතින් ඒ නිසා තමයි කියන්නේ කම්මැලි නැතුව උදේට එකපාර එලාම් එකට ඇහැරෙන්න කියලා.
