ජාතික රූපවාහිනියට ගිනි තැබීමක්.. අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවයි.(PHOTOS)

Bangladesh Accident World Social Media
By Aruna Jul 19, 2024 05:40 AM GMT
Aruna

Aruna

Report

පසු ගිය දින වල හටගත් විරෝධතාවයක් හේතුවන් කුපිත වූ විරෝධාකරුවන් පිරිසක් විසින් බංගලාදේශයේ ජාතික රූපවාහිනි ආයතනයට ගිනි තැබීමක් සිදුකර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ එරට රජයට එරෙහිව විරෝධතා දක්වන විරෝධතා කරුවන් පිරිසක් විසින් බවයි පැවසෙන්නේ.

ගිනි තැබීමත් සමග එහි සිටි බොහෝ දෙනෙකු ගින්නට කොටුවී ඇති අතර ගිනි නිවන හමුදා මැදිහත් වී එම පිරිස් බේරාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ගීතයකට ප්‍රථම වරට ජාත්‍යන්තරයේදී සිදු වූ දේ මෙන්න..(PHOTOS)

ශ්‍රී ලංකාවේ ගීතයකට ප්‍රථම වරට ජාත්‍යන්තරයේදී සිදු වූ දේ මෙන්න..(PHOTOS)


විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කරන මෙම විරෝධතා මාලාව විරෝධතා මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකර තිබේ.

එම වෙඩි තැබීම හා ගැටුම් හේතුවෙන් පුද්ගලයන් විස්සකට අධික පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම විරෝධතා පැවැත්වෙන්නේ, බංගල දේශ නිදහස් සටනට දායක වූ පුද්ගලයන්ගේ දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට එරෙහිවයි.

මෙරට තරුණ තරුණියන්ට ජපන් යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..

මෙරට තරුණ තරුණියන්ට ජපන් යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..


තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වන විටත් බංගල දේශයේ අන්තර්ජාල හා ජංගම දුරකථන පහසුකම් අත්හිටුවා තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

GalleryGalleryGallery
ReeCha