EPF සේවාවන් ගැන දැනුම් දීමක්
employee provident fund
Latest Headlines
Sinhala news
By Hashini
සේවක අර්ථසාධක අරමුදල් සේවාවන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා දැනුම්දී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු අවසන් කර ඇති බැවින් මෙලෙස සේවාවන් ආරම්භ කළ බවයි.
කෙසේ නමුත් මීට පෙර සඳහන් කර සිටියේ, සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට ලබන 23 වනදා දක්වා තාවකාලිකව අත්හිටු වන බවය.
