ධීවරයින්ගේ අවදානයට.. - යළි කිඹුල් බය
කාත්තන්කුඩි පොලිස් වසමේ මන්මුනේ පාලම අසල කළපුවකදී, මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු තවත් තිදෙනෙකු සමඟ සිටියදී, හදිසියේ කළපු දියෙන් මතු වූ කිඹුලෙකු විසින් එම පුද්ගලයා ඩැහැගෙන ගොස් ඇති බවට කාත්තන්කුඩි පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, මන්මුනේ පාලම අසල කළපුවෙහි ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට සිදුකළ විමර්ශනයෙ දී අනාවරණය වී ඇති බවයි.
කිඹුලා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයා සොයා කාත්තන්කුඩි පොලිසිය විසින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් දියත් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානය හා කජුවත්ත නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති බවත් වාර්තා වනවා.