දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක්...රියදුරු දින තුනකින් නිසි නින්දක් නොලබූ අයෙකු...

Sri Lanka Police Sri Lanka Accident Expressways in Sri Lanka
By Piyumika Dec 25, 2024 06:54 AM GMT
Piyumika

Piyumika

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් කහතුඩුව පිවිසුම අසලදී ආරක්ෂිත වැටේ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පසු ලොරි රථය අඩි 30ක පමණ බෑවුමකට පෙරළී ගොස් ඇත.

ලොරි රථය බෑවුමට පෙරළීයාමේදී එහි කිලෝ 50ක බරින් යුත් ඩොලමයිට් කොට්ට 600ක් තිබූ බවත් ලොරි රථය වට 03ක් පෙරළී ගොස් ඇති බවත් සිදුකළ විමර්ශණවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හදිසියේ අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හදිසියේ අභාවප්‍රාප්ත වෙයි..

අනතුරින් ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබේ.

මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවද අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සිදුවිය යුතු දේ නෙවෙයි මේ කරලා තියෙන්නේ.. අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමේ යෝජනාවට කොක්කක්..

සිදුවිය යුතු දේ නෙවෙයි මේ කරලා තියෙන්නේ.. අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමේ යෝජනාවට කොක්කක්..

අනතුර සම්බන්ධව ලොරි රථ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි ඔහු පවසා ඇත්තේ තමන් දින තුනකින් නිසි නින්දක් නොලබූ අයෙකු බවය.

සිද්ධිය සම්බන්ධව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

You may like this video

ReeCha