නිදිමත වැඩිවෙලා වහලෙත් පාර වගේ දැකලා..
By Piyumika
මොරවක අලපදෙණිය ප්රදේශයේ දී මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් අඩි 25 ක් පමණ ඉවතට පැන නිවසක වහලය මතට වැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරවක පොලිසියේ රථවාහන අංශය පැවසීය .
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය නෙළුව දෙස සිට මොරවක දෙසට ගමන් කරමින් සිට ඇත.
අනතුරින් නිවසේ වහලයේ සෙවිලි තහඩු කිහිපයකට හානි සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.