වෙඩි තැබීමක් - සැකකරුවෙක් හා පොලිස් නිලධාරියෙක් රෝහට

Report

අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් සැකකරු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ (17) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදී සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත් කර ඇත.

ඉරානයේ කාලය අවසන් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයේ කාලය අවසන් - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට පියවර ගත්තද, ඔහු එහිදී රෝහලින් පලා ගොස් තිබේ.

එලෙස පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ජංගම සංචාරක පොලිස් නිලධාරියෙකු උත්සාහ දරා ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු එම නිලධාරියාගේ ගිනිඅවිය උදුරා ගැනීමට තැත් කර ඇත.

එහිදී ඇතිවූ පොරබැදීම සහ නොසන්සුන් තත්ත්වය මත සිදු වූ වෙඩි තැබීමෙන් සැකකරුට වෙඩි වැදී ඇති අතර, ඔහුව නැවතත් රෝහල් ගත කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

අදත් කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට දරුණු වැසි

අදත් කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට දරුණු වැසි

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියාද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.