බංග්ලාදේශයට රතු එළියක් - පෙබරවාරී මාසෙට පෙර

Report

ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මහ මැතිවරණයට පෙර රට තුළ පවතින මානව හිමිකම් ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නැයි ඇම්නෙස්ටි ජාත්‍යන්තරය බංග්ලාදේශයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව එම ආයතනය සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය අතරතුර සහ ඉන් පසුව ද මානව හිමිකම් ඔවුන්ගේ දේශපාලන වේදිකාවල කේන්ද්‍රීය කොටසක් බවට පත් කර ගන්නා ලෙසයි.

එමෙන්ම භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීම ඇතුළුව ලබන මැතිවරණයෙන් පත්වන ඕනෑම නව රජයක් බැරෑරුම් ආකාරයෙම් සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පෙන්වා දී ඇත.

පෙබරවාරි 27 සහ 28 වෙන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්

පෙබරවාරි 27 සහ 28 වෙන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්

එහිදී මාධ්‍යවේදීන්ට පහරදීම බංග්ලාදේශයේ නිදහස් භාෂණයට ප්‍රධාන තර්ජනයක් වී ඇති බවට ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

අඳාළ සිදුවීම් ඉදිරි මැතිවරණයට පෙර මාධ්‍යයට නිදහසේ ක්‍රියාත්මක වීමට අපහසු වන භීතියේ වාතාවරණයක් නිර්මාණය කර ඇතැයි ද එම ආයතනය ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ජාතික මැතිවරණවලට පෙර, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගැනීමට නීති පද්ධතිය භාවිතා කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් මීට පෙර බරපතළ කනස්සල්ල ද පළ කර ඇති බව වාර්තා වේ.

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

මේ අතර රජය එම නීතිවලට වෙනස්කම් කිරීමට පොරොන්දු වීමෙන් අනතුරුව පවා, විපක්ෂ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ ආරක්ෂක නීති භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ මිනිසුන් පවසන දේ පාලනය කිරීමේ තත්ත්වයකට පැමිණ ඇත.

එමෙන්ම වඩා හොඳ වැටුප් ඉල්ලා සිටින සේවකයින්ට පොලිසියෙන් ප්‍රචණ්ඩ ප්‍රතිචාර එල්ල වී තිබෙන අතර, එමඟින් ජාත්‍යන්තර සමාලෝචනයකට මුහුණ දී සිටින රටේ මානව හිමිකම් වාර්තාව තවදුරටත් සංකීර්ණ වී ඇති බව ද ඇම්නෙස්ටි ජාත්‍යන්තරය වැඩිදුරටත් පෙන්වා දෙයි.

විදුලි මෝටර් රථ පිළිබඳව විශේෂ දැනුම්දීමක්

විදුලි මෝටර් රථ පිළිබඳව විශේෂ දැනුම්දීමක්