බන්ධනාගා‍රේ කලබලේ මැද ෆෝන් මාංචුත් හංගලා

Sri Lanka Police Law and Order Prison Sinhala news
By Kaushi May 05, 2025 12:20 PM GMT
Kaushi

Kaushi

Report

මාතර බන්ධනාගාරයෙහි ඇති වූ නොසන්සුන්තාවයක් අතරවාරයේ දී එහි තිබූ ගබඩා කාමරයකට කඩා වැඳුණු රැඳවියන් පිරිසක් විසින් ජංගම දුරකථන 49 ක්, අත් විලංගු 5 ක් සහ ඒවායෙහි යතුරු 24 ක් බන්ධනාගාරයේ විවිධ ස්ථානවල රහසිගතව සඟවා තිබිය දී සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාතර පොලිසිය අද (5) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

බන්ධනාගාර නිලධාරින් සහ ආරක්ෂක අංශ එකතු වී බන්ධනාගරය තුළ කළ සෝදිසි මෙහෙයුමකින් මෙම භාණ්ඩ සොයා ගෙන ඇත.

එසේම අදාළ භාණ්ඩ බන්ධනාගාරයේ පොළොවෙහි සහ බිත්ති හාරා සඟවා තිබුණු බව ද එහි වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව මාතර වැඩ බලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කර ඇත්තේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු ලබන මස 19 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

එසේම මෙහි දී පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් ‍රැඳවියන් 21 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව ඔවුන් ද ඉදිරියේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

කුණු ඇළින් හමු වූ කාන්තා මළ සිරුරක්

කුණු ඇළින් හමු වූ කාන්තා මළ සිරුරක්

එහි දී පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ බන්ධනාගාරයේ ගබඩා කාමරය කඩා සොරකම් කර තිබූ මුදලින් රුපියල් දස දහසක මුදලක් ද සොයා ගත් බවයි.

ඉකුත් දා මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සම්බන්ධයෙන් එහි රැඳවියන් මෙසේ විරෝධය පළ කර ඇත.

මෙහි දී ඔවුන් වාට්ටුවල ඉබි අඟුළු කඩා පිටතට පැමිණ බන්ධනාගාරයේ පාලනය අතට ගත් බවට තොරතුරු වාර්තා විය.

ReeCha