කුණු ඇළින් හමු වූ කාන්තා මළ සිරුරක්

Report

ග්‍රෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළකට දැමූ කාන්තා මළ සිරුරක කොටස්, දින අටකට පසු හමු වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් ප්‍රකාශ කරයි.

එහි දී පොලිසිය වාර්තා කර ඇත්තේ ඝාතනයට ලක් වී ඇති කාන්තාව සැමියාගේ අමානුෂික පිහි පහරකට ලක් ව ඇති බවයි.

ඉන්පසු බෑනා විසින් මළ සිරුර දෙකට කපා පොහොර උර තුනක දමා මෙසේ කුණු ඇළට දමා ඇත.

පොලීසියේ සෙට් එකකුත් අල්ලස් දැලේ පැටලිලලු..

පොලීසියේ සෙට් එකකුත් අල්ලස් දැලේ පැටලිලලු..

ඝාතනයට ලක් ව ඇත්තේ වයස අවුරුදු 65 ක දෙදරු මවකි.

ඒ. එච්.කේ. විමලාවතී නැමති මෙම කාන්තාව ග්‍රෑන්ඩ්පාස් ස්ටේට් පුර ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.

අදාළ මළ සිරුර සොයා ගෙන ඇත්තේ සිරුරෙහි උඩ කොටස අඩංගු පොහොර උරය කොළඹ වරාය දක්ෂිණ පර්යන්තයේ ඉන්ධන නෞකා දකුණු පර්යන්තය ආසන්නයේ මුහුදු තීරය මතුපිට පාවෙමින් තිබිය දී බව සඳහන්.

මේ සම්බන්ධ මූලික විමර්ශන වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරයි.

මැයි රැළිත් තියලා, පුද්ගලයෙකුත් යට කරගෙන ගිහින්

මැයි රැළිත් තියලා, පුද්ගලයෙකුත් යට කරගෙන ගිහින්

ඔවුන් නාවික කොට්ඨාසයේ බෝට්ටුවකින් එම ස්ථානය කරා ගොස් ඇති බව සඳහන්.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් විසින් කොළඹ වරාය පොලිසිය වෙත කරන ලද දැනුම් දීමකින් අනතුරුවයි.