ලංකාවේ නාවික හා ගුවන් හමුදාවන්ට ඇමෙරිකාවෙන් විශේෂ තෑග්ගක්

Report

ශ්‍රී ලංකාව සෑම අවස්ථාවකදීම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.

මෙහිදී ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දෙන අඛණ්ඩ සහාය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය. විශේෂයෙන් මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම සඳහා ලබා දුන් සහාය මෙන්ම ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවන් වෙත ප්‍රදානය කළ යාත්‍රා සහ ගුවන් යානා සම්බන්ධයෙන් ද ස්තුතිය පිරිනැමීය.

"දරුවෙක් ලැබුණා කියලා ක්‍රීඩාව ඉවර වෙන්නේ නැහැ" - ක්‍රිකට් ලෝකය කැළඹූ ICCයේ අලුත්ම මාර්ගෝපදේශය

"දරුවෙක් ලැබුණා කියලා ක්‍රීඩාව ඉවර වෙන්නේ නැහැ" - ක්‍රිකට් ලෝකය කැළඹූ ICCයේ අලුත්ම මාර්ගෝපදේශය

ශ්‍රී ලංකාවේ ආරක්ෂිත සහ ආයෝජන හිතකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇමෙරිකානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ආරාධනා කරමින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රජය සූදානම් බව ද සඳහන් කළේය.

එස්. පෝල් කපූර් මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉහළින් අගය කරන බව ප්‍රකාශ කළේය.

අස්වැසුම ප්‍රතිලාභීන්ට නිවේදනයක් - හෙට සිට මේ ප්‍රතිලාභ පමණක් බැංකුවලට

අස්වැසුම ප්‍රතිලාභීන්ට නිවේදනයක් - හෙට සිට මේ ප්‍රතිලාභ පමණක් බැංකුවලට

සාකච්ඡාවේදී වර්තමානයේ ක්‍රියාත්මක ඇමෙරිකා - ඉරාන සබඳතා හා එකඟතා සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වූ අතර, එහි සාර්ථකත්වය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා සුබපැතුම් එක් කළේය.

එමෙන්ම, එළඹෙන ජූලි 4 වැනිදා සැමරීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ද අමාත්‍යවරයා ඇමෙරිකානු ජනතාවට සිය සුබාශිංසන පිරිනැමීය. 

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ