ට්‍රම්ගේ තීරු බද්දට අමෙරිකාවෙන්ම නඩුවක්
කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව 2025 අප්‍රේල් 16 වැනිදා නඩුවක් ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නඩුව ජනාධිපතිවරයාට එම බදු ක්‍රියාත්මක කිරීමට බලය ලබාදුන් හදිසි නියෝගයට එරෙහිව ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජනපදයේ නිෂ්පාදන සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල ප්‍රමුඛ ප්‍රාන්තය වන කැලිෆෝනියාව, මෙම තීරුබදුවලින් බලවත් ලෙස බලපෑමට ලක්ව ඇති බව ආණ්ඩුකාර නිව්සම් පවසයි.
ධවල මන්දිරය මෙම නඩුව නොසලකා හරිමින්, තීරුබදු මගින් ජාත්‍යන්තර වෙළඳ අසමතුලිතතාවන් විසඳිය හැකි බව තර්ක කරමින් බදු පැනවීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ධවල මන්දිර ප්‍රකාශක කුෂ් දේශායි පවසන්නේ,
“කැලිෆෝනියාවේ අපරාධ, නිවාස හිඟකම සහ ජීවන වියදම් ගැටලුවලට අවධානය යොමු නොකර, ගැවින් නිව්සම් ජනාධිපති ට්‍රම්ප්ගේ ඓතිහාසික ප්‍රයත්නයන් අවහිර කිරීමට කාලය වැය කරනවා,” යනුවෙනි.
කැලිෆෝනියා ප්‍රාන්ත රජය 2025 ජනවාරි සිට ට්‍රම්ප්ට එරෙහිව නඩු 15ක් ගොනු කර ඇති අතර, මෙම නඩුව තීරුබදු පැනවීමට ට්‍රම්ප් විසින් භාවිත කළ අන්තර්ජාතික හදිසි ආර්ථික බලතල පනත අභියෝගයට ලක් කරයි.
එම පනත මෙවැනි අරමුණු සඳහා කිසිදු විටෙක භාවිත වී නැති බව මෙම නඩුව මගින් තර්ක ඉදිරිපත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
