උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනයක්.? - ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න.

Ranil Wickremesinghe IMF Sri Lanka Value Added Tax​ (VAT)
By Wayomi Aug 28, 2024 12:03 PM GMT
Wayomi

Wayomi

Report

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපති රට පුරාවට සන්නද්ධ හමුදා කැඳවයි. - විශේෂ ගැසට් නිවේදනය මෙන්න.


ඒ, අද(28) දින ඇහැලියගොඩ දී පැවති ජන රැලිය අමතමින්,

"මම මීට පෙර ඇහැළියගොඩට පැමිණ රැස්වීම් පවත්වා තිබෙනවා. එවිට මේ දේශපාලන වේදිකාවල සිදුවූයේ එකිනෙකාට දොස් පැවරීම සහ විවේචනය කිරීම පමණයි.

නමුත් අද අපි සියලුදෙනා සිටින්නේ එකම වේදිකාවකයි. අප සියලුදෙනා එක වේදිකාවකට පැමිණියේ රට බේරා ගැනීම වෙනුවෙන් එක්වීමට තීරණය කළ නිසයි.

ගෑස්, ඖෂධ සහ මුදල් නැති කාලයේ අපි සියලුදෙනා එකට එකතුවෙලා මේ රට ගොඩගත්තා. අවාසනාවට මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජන බලවේගය සහ මගේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායත්වයයෙන් යුත් සමගි ජන බලවේගය අප සමග එක් වුණේ නැහැ.

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)

ඒ පාර සජබයට වැරදුනාද? - කථිකයින්ට බෙදා දුන් අතිශය රහසිගත මාර්ගෝපදේශන පත්‍රිකාවක් ලීක් වෙයි? - (PHOTOS)


අප එකට එකතුවුණේ හොරකම් කරන්න කියලා ඔවුන් කිව්වා. ඔවුන්ගේ සහ අප අතර වෙනසක් තිබෙනවා. ඒ අපි පක්ෂයට ලැදි වගේම දේශපාලනඥයන් ලෙස රටටත්, ජනතාවටත් ලැදිව කටයුතු කරනවා. ඔවුන් පක්ෂය ගැන සිතා කටයුතු කරනවා.

මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පසුගිය වසර දෙක තුළ මේ රට ගොඩනැගීම වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ජන වරමක් ඉල්ලීමටයි.

මේ රටේ ජන බලවේග දෙකක් තිබෙනවා. කොපමණ වේගයෙන් ගියත් ඔවුන්ට ජනතාවගේ වේදනාව තේරෙන්නේ නැහැ. නමුත් අපට ජනතාවගේ වේදනාව තේරුණා. ඒ නිසා අපි අද රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කර තිබෙනවා.

අප පසුගිය වසර දෙක තුළ ක්‍රමානුකූලව බඩු මිල අඩු කර ජනතාවට සහන ලබා දුන්නා. නමුත් ජනතාවට තවදුරටත් සහන ලැබිය යුතු බව අප දන්නවා. ජනතාවට මෙම සහන ලබාදිය යුත්තේ රුපියල ශක්තිමත් කරමින් ක්‍රමානුකූලව ආර්ථිකය ඉදිරියට ගෙන යාමෙන් පමණයි.

රුපියලේ අගය ඉහළ යාමත් සමග බඩු මිල අඩු කර ජනතාවට සහන ලබාදීමට හැකියාව ලැබෙනවා. අප ඉදිරියට යා යුත්තේ මේ මාර්ගයේ පමණයි. උපයන විට ගෙවන බද්ද අද විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය සංශෝධනය කිරීමට අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟ වී තිබෙනවා. එම මූලික තීරණය අප මේ වන විටත් ගෙන අවසන් බවකිවයුතුයි.

ඒ පිළිබඳ අප යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඔවුන්ද යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනා දෙක පිළිබඳ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි පසු එම සහනය ජනතාවට ලබා දෙනවා.

අනුර ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා. - භාරකාර ආණ්ඩුව ගෙනිය කෙනා ගැනත් හෙළි කරයි. - (VIDEO)

අනුර ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරුවා. - භාරකාර ආණ්ඩුව ගෙනිය කෙනා ගැනත් හෙළි කරයි. - (VIDEO)


මම මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවගේ ජිවන වියදමට ද සහන ලබාදීමටයි. ජනතාවට බදුවලින් මෙන්ම ජීවන වියදමින් සහනයක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දීමට අප කටයුතු කරනවා. ලංකාව සීග්‍රයෙන් දියුණු කර ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. එම සැලැස්ම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස හෙට ඉදිරිපත් කරනවා.

අද අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස කියනවා බදු අඩු කර ජනතාවට සහන දෙනවා කියලා. බදු අඩු කර ජනතාවට සහන ලබාදිය හැකිද, බදු අඩු කළ විට රජයේ ආදායම් අඩු වෙනවා. එවිට එම මුදල් පියවාගත නොහැකිව උද්ධමනය ඉහළ යනවා.

එසේනම් ආදායම් අඩු වී වියදම් වැඩි වූ විට රටේ ආර්ථිකයකට මොකද වෙන්නේ. රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. ඒ නිසා ආදායම් අඩු කර වියදම් වැඩිකර රටේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද කියා අනුර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා රටට කිව යුතුයි.

එම මාර්ගය ගෑස් නැති, ඉන්ධන නැති, ඖෂධ නැති තැනකට රට ගෙන යන මාර්ගයක් බව ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ බව මතක තබා ගනිමින් කටයුතු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

IMF සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතලයි. - දේශපාලනඥයින්ගේ ප්‍රකාශ ගැන අනතුරු ඇඟවීමක්.

IMF සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතලයි. - දේශපාලනඥයින්ගේ ප්‍රකාශ ගැන අනතුරු ඇඟවීමක්.