විශේෂ දැනුම්දීමක් - හදිසි ගංවතුර තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම සහ තවදුරටත් වැසි ඇද හැලෙමින් පැවතීම හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා බලපැවැත්වෙන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම හදිසි පණිවිඩය හෙට (2026 මැයි 17) පෙරවරු 8.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්න ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
එමෙන්ම එම පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බැවින්, ප්‍රදේශයේ පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයකින් කටයුතු කළ යුතුය.
තවද, මෙම මාර්ග හරහා රථවාහන ධාවනය කිරීමේදී විකල්ප මාර්ග භාවිත කිරීමට හෝ උපරිම ප්‍රවේශමකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.