නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි - හෙට දිනය දක්වා වලංගු නිවේදනය මෙන්න
දිවයිනේ දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (17) පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ .
ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, මොනරාගල, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කර තිබේ .
Landslide Early Warning Report at 1600hrs on 16 1778928261 by kanchana