දෙයියෝ සාක්කි බලා ගෙන යද්දි මේවා ලෙඩ නෙවෙයි ලෙඩ ගුහා, රනිල්ට තියෙනවා කිව්ව ලෙඩවල හැටියට පණ පිටින් ඉන්නවාත් පුදුමයි
නින්දේ දි හුස්ම හිරවීමේ රෝගයකින් පෙළෙන රනිල් වික්‍රමසිංහ මහතාට නින්දේ දී යන්ත්‍රයකට සවි කළ යුතු බවත්, එම යන්ත්‍රය ක්‍රියාකාරවීමට දැනුම්වත්ව ඇත්තේ ඔහුගේ බිරිය පමණක් බවත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම දී තිබෙනවා.
එසේම මෙහිදී රනිල් වික්‍රමසිංහගේ රොගී තත්ත්වයේ බරපතළත්වය ගැන පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තිබිය හැකි සෑම රෝගයක්ම තම සේවාදායකයාට ඇති බව සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ඔහු පවසා ඇති බවට සඳහන් වන්නේ,
"ස්වාමීනි මගේ සේවාදායකයාගේ හෘදය වස්තුවේ ප්‍රධාන ධමනි තුනක්ම අවහිරයි. මොහුට සැත්කමක් කරන්න බෑ මොහු නිදන්ගත වකුගඩු රෝගී තත්වයකින් පසු වෙනවා. මොහු නින්දේදී හුස්ම පිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙනවා. මේ තත්ත්වය මත මැෂින් එකක් මොහු නිදා ගැනීමේ දී සම්බන්ධ කරනවා. එය ක්‍රියා කරවන්න දන්නේ මොහුගේ බිරිය විතරයි. බැර වෙලාවත් මැෂින් එක නැති වුයෙක් හෘදය නවතිනවා. ඒ වගේම ස්වාමීනි ශරීරයේ සෝඩියම් අඩු තත්ත්වයක් මතුව තිබෙනවා, පෙනහළු ආසාදිතයි. අග්න්‍යාශයේ උඩ කොටසේ ද ආසාදන තත්ත්වයක් තිබෙනවා. මේ රෝගී තත්ත්වයන් නිසා ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙලා. මේ තත්ත්වය නිසා මොහුට ක්ෂණිකව හෘදයාබාධයක් පැමිණීමේ අවදානමක් තිබෙනවා. කොච්චර රෝග තිබුණත් මොහුගේ ශරීරයෙන් එය පෙන්වන්නේ නෑ. ස්වාමීනි, කෙටියෙන් කියනවා නම් මොහුට තියෙන්න ඕන ලෙඩ ඔකොම කියනවා. මගේ සේවාදායකයා හැබැයි ලෙඩ ගණන් ගන් නෑ. වෛද්‍යවරු ඒ නිසා නිර්දේශ කරලා කියනවා මගේ සේවාදායකයා වෛද්‍ය නිර්දේශ යටතේ ඉන්න ඕන කියලා. මේ තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා මගේ සේවාදායකයා ඇප මත මුදා හරින්න කියලා ඉල්ලා සිටිනවා."
ඒ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඊට විරෝධය දක්වා ඇත.
"ස්වාමීනි. මේ කියන විදිහට මේ සැකකරුට නව අනුවක් ව්‍යාධි තියෙනවා. එහෙම තියෙද්දී ඔව්වර දේශපාලනඥයො බලන්න යන්නේ. ජාතික රෝහලෙන් ඔය කියන ලෙඩ ගැන වාර්තාවක් එවලා නෑ. ඔය කියන රෝග වලට ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්න බෑ කියලා කිව්වෙත් නෑ. ඉදිරිපත් කරපු වෛද්‍ය වාර්තා බහුතරයක් ඊයේ ගත් ඒවා. රිමාන්ඩ් කරපුවමද ලෙඩ දැනගත්තේ. මේ සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණය තුළින් පත් කරන ලද විධිමත් වෛද්‍ය මණ්ඩලයක් හරහා වාර්තා කැඳවිය යුතුයි. මේක අපරාධ නඩුවක්. මහජන සුබසාධක නඩුවක් නෙමෙයි. නීතිඥවරු මාරු වුනාට මොවුන්ගේ ස්ථාවරය කරුණු වෙනස් වීමක් වෙලා නෑ. පෙර දින ඉදිරිපත් කළ කරුණු තමයි අදත් ඉදිරිපත් කළේ. ඇප ලබා දීමට සුවිශේෂී කරුණු කිසිවක් නෑ. එම නිසා සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වෙනවා ස්වාමිනි."
මෙම කරුණු දැක්වීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාව නුළුපුලි ලංකාපුර සිය ඇප ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත් කර තිබුණා.