ඇලීසා හීලි ගත් තිරණය
By Kanchana
ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඇලීසා හීලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (13) නිල වශයෙන් නිවේදනය කර තිබේ .
ඇය මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ඉක්මන්කර ඇත්තේ මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නව නායිකාවක් යටතේ සහභාගීවිය යුතු බව දන්වමිනි.
ඇය මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවේ. ඒ වගේම ඇලීසාගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාව දෙවරක් විස්සයි20 ලෝක ශූරයන් බවට පත්ව ඇත.
තවද ඇය කණ්ඩායමේ සිටියදී ඕස්ට්‍රේලියාව අවස්ථා 8කදී ලෝක කුසලාන (එක්දින – 2013, 2022 හා විස්සයි20 -2010, 2012, 2014. 2018, 2020, 2023 ) ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි.
ඇය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 7,106ක් රැස්කර තිබෙන අතර, ශතක 8ක් හා අර්ධ ශතක 38ක් රැස්කර ඇත.