රත්නපුර තැපැල් ඡන්ද රාජකාරි කළ පොලිස් පිරිසට සිදුකළ දේ පිළිබද බලධාරින්ගෙන් පිළිතුරක් නැත්තේ ඇයි..

Report

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැපැල් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන්ට දින හතරටම ලැබී තිබුණේ ඡන්දය පැවැත්වුණු 21 වැනිදා රාත්‍රී කෑම පැකට්ටුව පමණක් බවත් ඔවුන්ට ඉන් පසුව තේ හෝ වතුර බෝතලයක් පවා නොලැබී තිබූ බවත් වාර්තා වේ.

අද ලංකාවට වසර 14කට පසුව කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගන්නට හැකියාව ලැබෙයිද..

අද ලංකාවට වසර 14කට පසුව කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගන්නට හැකියාව ලැබෙයිද..

මෙම නිලධාරීන් කණ්ඩායම ඉකුත් 19 වැනි දින උදේ 10.00ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජකාරියට වාර්තා කිරීම සඳහා අලුයම 5.30 ට පොලිස් ස්ථානයට වාර්තා කර තිබූ අතර පොලිස් ස්ථානයේ සිට රාජකාරී බස් රථයකින් රත්නපුරය බලා පිටත්ව ගොස් තිබිණි.

එම කණ්ඩායමට පොලිස් නිලධාරිනියන් 19 දෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇතුළත්ව සිටි අතර 19 වැනි දින උදේ 10.00 ට රත්නපුර සීවලී ක්‍රීඩාංගණයට වාර්තා කර සවස 2.00 පමණ වන තෙක් නිලධාරීන්ට අව්වේ උපදෙස් දී කණ්ඩායම් කිරීම හේතුවෙන් සමහර පොලිස් නිලධාරිනියන් ක්ලාන්තව වැටුණු බවද පැවසේ.

මැතිවරණ රාජකාරියට වාර්තා කළ නිලධාරීන් කණ්ඩායමට අතින් වියදම් කර ආහාර පාන ලබාගැනීමට සිදුවූ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට කුඩම්මාගේ සැලකිලි ලැබී ඇති බවත් පැවසේ.

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි...

තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි...

මේ පිළිබඳව රත්නපුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මැතිවරණ රාජකාරිය සඳහා පැමිණ සිටි නිලධාරීන්ට තේ, වතුර බෝතල් සහ ආහාර නොලැබුණු බව තමාට ද දැනගැනීමට ලැබුණු බවය.ඒවා දිය යුත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් බවද ඔහු කීවේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ආහාර පාන නොලැබීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ හදිසි රැස්වීමක සිටින බවත් ඊට පිළිතුරු පසුවට දෙන බවත්ය.