අකුරේගොඩ වෙඩිතැබීමක් - දෙදනෙක් ජීවිතක්ෂයට
අකුරේගොඩදී සිදුකළ වෙඩිතැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මෙම වෙඩි වැදීමෙන් මෝටර් රථයේ සිටි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තා වේ.
එසේම වෙඩික්කරුවන් පලාගොස් ඇති බව ද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පවසයි.
පොලීසිය සැක පළ කරන්නේ T56 වර්ගයේ ගිනිඅවියක් උපයෝගී කරගෙන අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවටයි.
එමෙන්ම කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් මේ වනතෙක් වැඩිදුර තොරතුරු වාර්තා වී නැති බව සඳහන්.
එමෙන්ම කවුරුන් විසින් කුමන හේතුවක් මත අඳාළ වෙඩිතැබීම සිදුකළේද යන්න සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.