මේ දුම්රිය ධාවනයෙන් රියදුරන් ඉවත් වෙයි - දුම්රිය ප්රමාදයන් ගැන අනතුරු ඇඟවීම්
තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත් වන බව ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය ප්රකාශ කරන බව සඳහන්.
ඒ අනුව එහි කැදවුම්කරු ඉන්දික දොඩංගොඩ ප්රකාශ කර ඇත්තේ ඊයේ සිට දුම්රිය ධාවනයේදී වේග සීමා ද තරයේ පිළිපදින බවයි.
එසේම මේ හේතුවෙන් දුම්රිය ප්රමාදයන්ද ඇතිවිය හැකි බව ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ.
එසේම අද සිට සාගරිකා දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කරයි.