අවුරුදු උත්සවයක් අස්සේ මාලිමා ලොක්කෙකුට සහ ඔහුගේ බිරිඳට ලෝක නඩුවක් - විස්තරේ මෙන්න[VIDEO]

Report

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසක් පහර දී තුවාල සිදු කළ බව සඳහන් කරමින් කාන්තාවක් සහ ඇගේ සැමියා රෝහල්ගත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කර ඇති විමසීමකදී ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ බිරිඳට එරෙහිව අඳාළ පැමිණිල්ල ලැබී ඇති බවයි.

ඒ අනුව පිරිසක් විසින් තමන් වෙත පහර දී තුවාල සිදු කළ බව කියමින් කාන්තාවක් හා ඇගේ සැමියා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

රටම උණුසුම් කළ තවත් වංචාවකට රාජපක්ෂලාගේ නමත් ගාවයි - බරපතළ චෝදනාවක්

රටම උණුසුම් කළ තවත් වංචාවකට රාජපක්ෂලාගේ නමත් ගාවයි - බරපතළ චෝදනාවක්

ඉපලෝගම, හිරිපිටියාගම ක්‍රීඩාපිටියේ පැවති ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ අවුරුදු උළෙල අතරතුර මෙම පහරදීම සිදූ වූ අතර ඒ පිළිබඳව ඉපලෝගම පොලිසිය වෙත පැමිණිලි කළ බව ඔවුන් ප්‍රකාශ කරන බව සඳහන්.

එමෙන්ම ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අවුරුදු උළෙල අතරතුරදී අඳාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් විසින් මෙම කාන්තාවට සහ ඇගේ සැමියාට පහරදීම සිදු කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කර ඇති බවට සැකකරන බවත් එම සිදුවීම පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවත් ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළ බව වාර්තා වේ.

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට

මන්ත්‍රී අර්චුනාට දරුණු ප්‍රහාරයක් - සැකකරු අත්අඩංගුවට

කිසි විටෙකත් මේවා කරන්න එපා - රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ

කිසි විටෙකත් මේවා කරන්න එපා - රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,