ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)

Plane Crash Accident Austria World
By Aruna Jun 11, 2024 02:29 AM GMT
Aruna

Aruna

Report

ඔස්ට්‍රියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හිම කැට වර්ෂාවකට හසුවී දැඩි ලෙස අලාභහානි වී ඇති බව ඔස්ට්‍රියානු ගුවන් සේවය පවසනවා.

ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS) | Airplane Accident

කෙසේවෙතත් මෙම බිහිසුණු හිම කැට වර්ෂාවට හසු වූ ගුවන් යානය මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සමඟ ස්පාඤ්ඤයේ Palma de Mallorca සිට ඔස්ට්‍රියාවේ Vienna දක්වා පියාසර කළ අතර වාරයේ මෙම බිහිසුණු සිදුවීමට ගොදුරුවී ඇති අතර,පසුව ගුවන් යානය ආරක්ෂිතව Vienna වෙත ගොඩබස්වා තිබේ.

ජනපතිගේ නිර්දේශ මත පිරිසකට හදිසි වැටුප් වැඩි කිරීමක්...ඊයේ සිට ක්‍රියාත්මකයි..

ජනපතිගේ නිර්දේශ මත පිරිසකට හදිසි වැටුප් වැඩි කිරීමක්...ඊයේ සිට ක්‍රියාත්මකයි..


ගුවන් ගමන අතරතුර මැදිරිය විසින් හදිසි ඇමතුමක් ලබා දුන් බවයි ඔස්ට්‍රියානු ගුවන් සේවය පවසන්නේ.

විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ ගුවන් යානයේ මුහුණතට බරපතල හානි සිදුවී ඇති අතර නියමු කුටියේ ඉහළ කොටස නැවී ඇති අතර, නියමු කුටියේ ජනේලවල වීදුරුව ඉරිතලා ඇති බවයි.

මෙම බිහිසුණු සිදුවීමට හසුවූ ගුවන් යානයේ ඡායාරූප පහතින්,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%