ඕස්ට්‍රේලියාවේ ලංකික කාන්තාවක් විවාහ කරගන්නවායැයි පොරොන්දු වී කෝටි ගාණක් වංචා කළ ගුවන් සෙබළා මාට්ටු
ඔස්ට්‍රියාවේ පදිංචිව සිටින ලාංකික කාන්තාවක් හඳුනාගෙන ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් එක්කෝටි දාහත් ලක්ෂ තිස් හතර දහස් අසූ එකක මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ගුවන් හමුදා කඳවුරේ සේවය කරන, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් විමර්ශන අනුව සැකකරු මුහුණුපොත හරහා එම කාන්තාව හඳුනාගෙන, ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී මෙම මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
මීට මාස කිහිපයකට පෙර එම කාන්තාව ලංකාවට පැමිණ ඇති අතර, එම කාලය තුළ දෙදෙනා විවිධ ස්ථානවලට ගමන් බිමන් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
එම ගමන් බිමන් සහ අනෙකුත් වියදම් සඳහා කාන්තාව විසින් ලබාදුන් මුදල් සැකකරු විසින් භාවිතා කර ඇති බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අදාල නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව තෙල්දෙණිය පොලිසිය වැඩිදුරටත් පවසයි.