ඇෆ්ගනිස්ථාන සමග සිංහයන්ගේ සුපිරි 04 දෙනාගේ වටයේ පලමු තරගය අදයි...

Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරඟ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය අද (03) ඩුබායි හිදි ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7යි 30ට ආරම්භ වීමට නියමිතයි.

ඒ් ප්‍රභල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි.

ඇෆ්ගනිස්ථානය සමඟ පසුගිය දා පැවති පළමු වටයේ තරඟයකින් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සුපිරි කණ්ඩායම් හතරට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 4 තරඟ වටයට පිවිසියේ පසුගිය දිනක බංගලාදේශය සමග පැවති තරගය ජය ගැනීමත් සමගයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
 Join now