ගමක් අල්ලන්න දරුණු සටනක්..ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

America Afgansthan Fitting World War
By Aruna Sep 03, 2021 08:04 AM GMT
Aruna

Aruna

Report

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට කිලෝමීටර් 150 ක් දුරින් පිහිටි පන්ජ්ෂිර් නිම්නය ආශ්‍රිතව මේ වන විට දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.

ඒ, එම නිම්නයේ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන්.

මෙම ගැටුම් හටගෙන ඇත්තේ තලෙයිබාන් සටන්කාමීන් සහ පන්ජ්ෂිර් නිම්නයේ බලයේ සිටින අවිගත් කණ්ඩායම් අතරයි.

ඇෆ්ගනිස්තානයේ බලය තමන් අතට ගත්තද තවමත් තලෙයිබාන් සංවිධානයට තමන් යටතට ගැනීමට නොහැකි වූ එකම ප්‍රදේශය වන්නේ එරට උතුරු මැද දෙස පිහිටි පන්ජ්ෂිර් නිම්නයයි.

NRF හෙවත් ජාතික විරෝධාතා පෙරමුණ සතුව මෙම නිම්නයේ බලය පවතිනවා.

තලෙයිබාන් විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද මේ වන විට රැදී සිටින්නේ මෙම නිම්නය ආශ්‍රිත ප්‍රදේශයේයි.

පන්ජ්ෂිර් නිම්නයේ බලය අත්පත් කර ගැනීමට තලෙයිබාන් සටන්කාමීන් අවස්ථා රැසකදී උත්සහ දැරුවද එම සියලු උත්සහයන් ව්‍යවර්ථ වුණා.

තලෙයිබාන් සංවිධානය පවසන්නේ මේ වන විට පවතින ගැටුම්වලින් නිම්නයේ භූමි ප්‍රදේශ කිහිපයක් තමන් යටතට ගෙන ඇති බවයි.

එහෙත් තම නිම්නයට ඇතුලුවන සියලුම පිවිසුම්වල පාලනය තවමත් ඇත්තේ තමන් සතුව බව NRF හෙවත් ජාතික විරෝධාතා පෙරමුණේ අවි ගත් පිරිස් පවසනවා.

අමෙරිකානු හමුදාව පවා ඇෆ්ගනිස්තානය හැර ගොස් ඇති පසුබිමක තලෙයිබාන් සංවිධානයට එරෙහිව නැගී සිටින එකම කණ්ඩායම වන්නේ පන්ජ්ෂිර් නිම්නයේ ජාතික විරෝධාතා පෙරමුණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now