ජනපතිවරණයෙන් පසු ආර්ථිකය ගැන ආසියානු සංවර්ධන බැංකුවේ මතය...
By Parami Dissanayake
අද කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා කාර්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා පවසා සිටියේ,ජනාධිපතිවරණයෙන් පසුව ද දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවයි.
එමෙන්ම, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා රජය නිවැරදි මාර්ගයේ ගමන් කරමින් හොද කාර්‍යභාරයක් කරමින් සිටින බවත් ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ආසියානු සංවර්ධන බැංකුව දිගටම ශ්‍රී ලංකාවට අධාර කරන බව ද එතුමා තවදුරටත් සඳහන් කළේය.