මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනට ADB ඩොලර් මිලියන 200ක ණයයක් අනුමත කරයි

Report

ශ්‍රී ලංකාවේ විශාලතම බහුකාර්ය ජල ව්‍යාපෘතිය වන මහවැලි සංවර්ධන වැඩසටහනේ දෙවන අදියරට සහාය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඊයේ (11) ඩොලර් මිලියන 200ක (රුපියල් කෝටි 6,500කට ආසන්න) ණය පහසුකමක් අනුමත කළේය.

මෙම “මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන – දෙවන අදියර” මගින් මහවැලි ගඟේ අතිරික්ත ජලය උතුරු සහ වයඹ පළාත්වල වියළි කලාපවලට හැරවීම සිදු කෙරේ.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

එමඟින්:

උතුරු මැද පළාතේ ගොවි පවුල් 35,600කට වැඩි පිරිසකට සෘජු ප්‍රතිලාභ, කෘෂිකර්මයේ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම ආරම්භ කෙරේ.

මූල්‍යකරණය ලෙස ADB – ඩොලර් මිලියන 200 OPEC Fund for International Development – ඩොලර් මිලියන 60 International Fund for Agricultural Development (IFAD) – ඩොලර් මිලියන 42

මුළු ඒකාබද්ධ මූල්‍යකරණය ඩොලර් මිලියන 302කට ආසන්න වේ.

“ටිල්වින්ගේ වාහනය වෙන කාටවත් නෑ” - අර්චුනා යළි කරලියට

“ටිල්වින්ගේ වාහනය වෙන කාටවත් නෑ” - අර්චුනා යළි කරලියට

මෙම ව්‍යාපෘතිය මගින් උතුරු මැද පළාතේ වාරි ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම, ජලාශවල ධාරිතාව ඉහළ නැංවීම සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද අපේක්ෂා කෙරේ. ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමට ගන්නා තීරණාත්මක පියවරක් බවයි.