සුප්‍රකට නළු සල්මාන් ඛාන්ට බරපතල ස්නායු රෝගාබාධ තුනක්[PHOTOS]

Report

බොලිවුඩ් නළු සල්මාන් ඛාන් තමන් දුර්ලභ හා බරපතළ ස්නායු රෝගාබාධ තුනකින් පෙළෙන බව ප්‍රසිද්ධියේ හෙළි කර තිබෙනවා.

ඒ අනුව ඔහු ත්‍රිගෙමිනල් නියුරැල්ජියා, මොළයේ රුධිර නාලිකා පුප්පුරයක් (ඇනියුරිසම්) සහ ආටීරියෝවීනස් මැල්ෆෝමේෂන් (AVM) යන රෝගාබාධවලින් පීඩා විඳින බව සඳහන් වන අතර එම රෝගාබාධ දුර්ලභ මෙන්ම නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ජීවිතයට තර්ජනයක් වුවත් විය හැකි බව සඳහන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මෙහි ත්‍රිගෙමිනල් නියුරැල්ජියා යනු ත්‍රිගෙමිනල් ස්නායුවට බලපාන නිදන්ගත වේදනා රෝගයක් වේ. මෙම ස්නායුව මුහුණේ සංවේදනාව මොළයට ගෙන යන අතර එය හදිසි, දරුණු, විදුලි සැරක් වැනි වේදනාවක් ඇති කරයි.

සාමාන්‍යයෙන් මුහුණේ එක් පැත්තකට බලපාන අතර දත් මැදීම, ආහාර ගැනීම, කතාබහ කිරීම, හෝ සුළු සුළඟක් වැනි සුළු උත්තේජනයකින් පවා දරාගත නොහැකි වේදනාවක් ඇති කරන බව සඳහන්.

එසේම මෙම රෝගාබාධය නිසා ඇතිවන වේදනාවේ දරාගත නොහැකි ස්වභාවය හා මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම නිසා මෙයට "සියදිවි නසාගැනීමේ රෝගය ලෙසත් හඳුන්වයි.

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

කෙසේ වෙතත් සල්මාන් ඛාන් 2007 වසරේ සිට එම රෝග ලක්ෂණ අත්විඳ තිබෙනවා.

ඉන්පසු ඔහු 2011 දී එක්සත් ජනපදයේදී ශල්‍යකර්මයකට භාජනය වී තිබෙනවා. එමෙන්ම මොළයේ ඇනියුරිසම් යනු මොළයේ රුධිර නාලිකාවක දුර්වල ප්‍රදේශයක ඇති විය හැකි පිම්බීමක් හෝ ඉදිමීමකි.

එය පුපුරා ගියහොත්, මොළයේ ජීවිතයට තර්ජනාත්මක රුධිර වහනයක් (හෙමරේජික් ස්ට්‍රෝක්) ඇති විය හැකි බව කියයි.

එම රෝගය සමඟ සල්මාන් ඛාන් ජීවත් වන බව සහ වැඩ කරන බව හෙළි වී ඇත. එසේම එය ඔහුගේ ක්‍රියාකාරී ජීවන රටාවට විශාල අවදානමක් එක් කර ඇත.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

කෙසේ වෙතත් මෙම රෝගාබාධ තුනම එකවර පැවතීම සල්මාන් ඛාන්ගේ සෞඛ්‍යයට සැලකිය යුතු අභියෝගයක් වන බවත් ඔහුගේ වෘත්තීය ජීවිතයේ ශාරීරිකව දැඩි චිත්‍රපට දර්ශන සඳහා සහභාගී වීමෙන් මෙම රෝගාබාධ කළමනාකරණය කිරීම අභියෝගාත්මක වන බව වෛද්‍යවරු දක්වයි.

එසේ වුවත් ඔහු තම වෘත්තීය ජීවිතය සක්‍රීයව පවත්වාගෙන යාමට සමත් ව ඇති බව සඳහන්.    

මේ ස්ථානවල දුම්පානය තහනම්, ජූලි 1 වන දා සිට ක්‍රියාත්මකයි

මේ ස්ථානවල දුම්පානය තහනම්, ජූලි 1 වන දා සිට ක්‍රියාත්මකයි

GalleryGalleryGalleryGalleryGalleryGallery