වීඩියෝ කරන්න කිව්වා නම් තමා ඒත් මෙහෙම කරන්න කිව්වේ නෑ දෙවියනේ..

Report

පොලිස් නිලධාරීන්ගේ අනීතික ක්‍රියාවන් වීඩියෝ කිරීමට මහජනතාවට දී ඇති අවසරය අවභාවිත කරමින් අපරාධ, ළමා අපචාර මෙන්ම විවිධ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් වීඩියෝ කිරීම් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් විමර්ශනවලට ද බාධා සිදුකරමින් වීඩියෝ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පසුගියදා නියෝග කර ඇත.

ණයගැතිභාවයෙන් පීඩා විදින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය..

ණයගැතිභාවයෙන් පීඩා විදින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට සහන ලබාදීමට රජයේ අවධානය..

සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටද මේ පිළිබඳ නියෝගය ලබාදී ඇත පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරි මෙන්ම නිලධාරින්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසත් වීඩියෝ කරන පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම් නොකොට ඔවුන්ගේ ජංගම දුරකතනද පොලිසිය භාරයට නොගන්නා ලෙසත් දන්වමින් පොලිස්පතිවරයා විසින් නියෝගයක් සිදුකර සිටියේ පසුගිය 30 වැනිදාය.

වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් ගමන් නතර කිරීමට තීරණයක්..

වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් ගමන් නතර කිරීමට තීරණයක්..

ඇතැම් නිලධාරින් නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට නීතියෙන් ඉඩඇති බවද එම නියෝගය මගින් අවධාරණය කර ඇත.

එහෙත් එම පණිවුඩය සමාජගතවීමෙන් පසුව බොහෝ පිරිස් පවුල් ආරවුල් පවා වීඩියෝ ගතකරන බවත් පොලිස් ස්ථාන තුළ හා පිටත සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම් මෙන්ම ළමා අපචාර සිදුවීම්වලට අදාළ විමර්ශනද වීඩියෝ ගතකිරීමට පටන්ගෙන ඇති බවත් විශේෂයෙන් පුද්ගලික කාරණාවලට අදාළ විවිධ පැමිණිලි විභාග කරන අවස්ථාවලදීද තැනැත්තන් අගතියට පත්වන ආකාරයෙන් වීඩියෝ ගතකරන බවට නිරීක්ෂණය වී ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය (06 වැනිදා) පොලිස් ප්‍රධානීන් හා ස්ථානාධිපතිවරුන් වෙත යවන ලද ලිපියේ සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා - පාකිස්ථාන ඒ කණ්ඩායම් ගැටෙන දෙවන දිනය අදයි..

ශ්‍රී ලංකා - පාකිස්ථාන ඒ කණ්ඩායම් ගැටෙන දෙවන දිනය අදයි..

මේ හේතුවෙන් වීඩියෝ ගතකිරීමේ අවස්ථාව අවභාවිත කරමින් ක්‍රියාකරන පුද්ගලයන්ට කරුණු පැහැදිලි කර දී එම ක්‍රියාවන් නවතන ලෙසත් ඊට අවනත නොවන පුද්ගලයන් වේ නම් අධිකරණ වෙත කරුණු වාර්තා කර නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙමගින් දැනුම් දී ඇත.