මවට සහ කුඩා පුතුට දරුණු ඇසිඩ් ප්‍රහාරයක් - මව ජීවිතක්ෂයට
අයගම පොලිස් වසමේ කොළඹෑව ප්‍රදේශයේ කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16ක් වූ පුත්‍රයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඒ අනුව ඊයේ දින (20) රාත්‍රියේ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ බවට පොලීසියට පණිවුඩයක් ලැබී තිබෙනවා.
ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු මව සහ දරුවාව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් අයගම රෝහලට ඇතුළත් කර තිබුණා.
එසේ වුවත් එහිදී වයස අවුරුදු 40 ක් වූ කොළඹෑව, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අඳාළ මව මිය ගොස් ඇත.
සිදු කළ විමර්ශනයෙදී අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට හෙළිව ඇති බව වාර්තා වේ.
මේ අතර මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අයගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.